නොවැම්බර් මස පාර්ලිමේන්තුව රැස්වන දින තීරනය කරයි

නොවැම්බර් මස පාර්ලිමේන්තුව රැස්වන දින තීරනය කරයි

නොවැම්බර් 08 වනදා සිට 11 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කල බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මාධ්‍යට සඳහන් කරයි.

ඒ අනුව නොවැම්බර් 08 දා පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා “ජාතික ජන බලවේගයේ” යෝජනාවකට අනුව රටේ වත්මන් තත්ත්වය පිළිබඳ විපක්ෂය ගෙන එන සභාව කල්තැබීමේ යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වීමට නියමිත අතර, නොවැම්බර් 09 දා එකතු කළ අගය මත බදු පනත යටතේ නියමය, සුරාබදු ආඥාපනත යටතේ නිවේදන දෙකක්, මුදල් පනත යටතේ නියෝගයක්, විදේශ විනිමය පනත යටතේ රෙගුලාසි, ආනයන හා අපනයන පනත යටතේ රෙගුලාසි තුනක් විවාද කර සම්මත කිරීමටද නොවැම්බර් 10 සහ 11 දින වල තවත් පනත් කිහිපයක් සම්මත කර ගැනීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn