ලබන 2023 වර්ෂයට අදාළ අයවැය නොවැම්බර් මස 14 වන සඳුදා දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.
මෙම තීරණය ගෙන ඇත්තේ කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසිනි.
ලබන මස 08 වන දා මීළඟ පාර්ලිමේන්තු සතිය පැවැත්වෙන අතර 09 වන දා රටේ පවතින තත්වය සම්බන්ධයෙන් කල් තැබීමේ විවාදයක් පැවැත්වීමටද එහිදී තීරණය කර ඇත.
Views: 0










