මෙරටට ගෙන්වන ඉන්ධන නිසි වේලාවේදී මුදල් නොගෙවීම නිසා අදාළ නැව්වල ඉන්ධන මිලට සමාන ප්රමාද ගාස්තුවක් ගෙවීමට සිදුවී ඇති බව අනාවාරණය වේ.
මෙය ආසන්නතම උදාහරණය ලෙස අද (28) දින වනවිට බොරතෙල් නැවක් සඳහා දින 38ක ප්රමාද ගාස්තු ලෙස ඩොරල් ලක්ෂ 57ක් ගෙවීමට සිදුවී ඇති බව ඛනිජ තෙල් වෘත්තීය සමිති හෙළිකර තිබේ. මෙම ප්රමාද ගාස්තුව ඉන්ධන ආනයනය කිරීමේදී ගෙවීම දිගින් දිගටම සිදුවන අතර ඒ නිසා ඉන්ධන සඳහා වැය කරන මිල මෙන් දෙගුණයකට ආසන්න වියදමක් දැරීමට සිදුවී තිබේ.
ටෙන්ඩර් කැඳවීමෙන් තොරව, විවෘත වෙළඳපොලෙන් ඉන්ධන මිලදී ගැනීමේදී විශාල ඉහල මිල ගණනක් ගෙවමින් සිටින අතර මේ ලෙස ප්රමාද ගාස්තු ගෙවීම ද විදේශ විනිමය සම්බන්ධයෙන් තව තවත් අර්බුද නිර්මාණය කරමින් පවතී.
Views: 0










