තාරුණ්‍යයේ සිහින සැබෑකර ගන්න පාරට බහින එක වරදක්ද – තමරා ගයනී හෙට්ටිපොළ

තාරුණ්‍යයේ සිහින සැබෑකර ගන්න පාරට බහින එක වරදක්ද – තමරා ගයනී හෙට්ටිපොළ

“තාරුණ්‍යයේ සිහින සැබෑකර ගන්න පාරට බහින එක වරදක්ද කියලා මේ මජර තක්කඩි පාලකයන්ගෙන් අපි අහනවා” යැයි ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සංවිධායිකා තමරා ගයනී හෙට්ටිපොළ ප්‍රශ්න කරයි.

ඇය මෙලෙස ප්‍රශ්න කර සිටියේ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් මේ වනවිට කොළඹ හටිඩ් පිටියේදි පවත්වන විරෝධතා රැලිය අමතමිණි.

එහිදී වැඩිදුරටත් ඇය දැක්වූ අදහස්,

“අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම්, කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්… කියන ගීතය අපි අහලා තිබෙනවා. හොරකම් කළ පාලකයන් ගැන ප‍්‍රශ්න කිරීම වරදක්ද? තාරුණ්‍යයේ සිහින සැබෑකර ගන්න පාරට බහින එක වරදක්ද කියලා මේ මජර තක්කඩි පාලකයන්ගෙන් අපි අහනවා.

අද වනවිට රටපුරා පැතිරී යන මන්දපෝෂණය නිසා තව අවුරුද් පහක් යන විට රට ඇදවැටෙන ඛේදනීය තත්වයට මේ දූෂිත පාලකයන් වගකියන්න ඕනෑ. අපිට ජීවත්වීමේ සටන වගේම කාන්තාවන් හැටියට විශේෂ වගකීමකුත් අපට තිබෙනවා. කෝටි දෙකක් වූ ජනතාවගේ සියලු අයිතිවාසිකම් වෙනුවෙන් මේ පාලකයන් එළවන දෙවෙනි පියවර අද අපි ආරම්භ කරනවා. ඒ වෙනුවෙන් අපි සියලු දෙනාගේ ශක්තිය යොදවමු කියලා ආරාධනා කරනවා.”

Facebook
Twitter
LinkedIn