හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව පනවා තිබෙන විදේශ ගමන් තහනම නොවැම්බර් මස 24 වන දා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (26) නියෝග කර තිබේ.
එමෙන්ම, ඔහු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල නියෝග කර ඇත.
2006 වසරේ සිට 2014 දක්වා ශ්‍රී ලංකා මහ බැංකු අධිපති වශයෙන් කටයුතු කරමින්, මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රාථමික වෙළෙඳපොළේ විකුණා එමඟින් එහි මුදල් අවභාවිතාවට ලක් කිරීම තුළින් ශ්‍රී ලංකා ජනරජයට රුපියල් බිලියන 10.04 සිට 10.06 දක්වා පාඩුවක් සිදුකිරීම ඇතුළු චෝදනා කිහිපයක් ඔහුට එරෙහිව දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් විසින් මෙම නඩුව ගොනු කර තිබේ.
Views: 0










