ගෝල්ෆේස් අරගලයෙන් පසු නව පණක් දී ආරම්භ කරන මේ සටන වත්මන් පාලකයන් ගෙදර යවා මිසක් නතර කරන්නේ නැතැයි ඒකාබද්ධ ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු, සමස්ත ලංකා කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපති උදේනි දිසානායක පවසයි.
ඔහු මේ බව පැවසූවේ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් මේ වනවිට කොළඹ හටිඩ් පිටියේදි පවත්වන විරෝධතා රැලිය අමතමණි.
“අපි මේ රටේ විශාල අරගලයක් කළා. ඒ අරගලයේ ප්‍රතිඵල නොවුණත් ජන වරමක් නැති රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණා. සිරිධම්ම හිමි, වසන්ත මුදලිගේ සිරගත කළ රනිල් වික්‍රමසිංහ බටලන්දේ කළ වැඩේ කරන්න උත්සාහ ගන්නවාද කියලා ප්‍රශ්නයක් අපට මතුවෙනවා. සිරිධම්ම හාමුදුරුවෝ ඩෙංගු හැදිලා ඉන්න වෙලාවේවත් නිදහස් නොකර හදිසි නීතිය පනවා අධි ආරක්ෂිත කලාප නම්කර අරගලකරුවෝ මර්දනය කරන්න හදනවා නම් ඒකට අපි ඉඩ තියන්නේ නැහැ. මේ ජන ගඟක් හයිඩ් පිටියට ආවේ ඒ පණිවිඩය කියන්නයි. කරත්ත, පාරේ හසුරුවන හැටි කියන්න ගෙනත් තිබෙන පොලිස් පනත උපයෝගී කරගෙන මර්දනය කරන අතර පුනරුත්ථාපන පනත ගෙනවිත් සටන්කරුවන් පුනරුත්ථාපනය කරන්න කරන උත්සාහයට අධිකරණය පැහැදිලි පිළිතුරක් දී තිබෙනවා.
ගෝල්ෆේස් අරගලයෙන් පස්සේ නව පණක් දී ආරම්භ කරන මේ සටන උඹලව ගෙදර යවලා මිසක් නතර කරන්නේ නැහැ. ලෝකයට ණය නොගෙවා ඉතිරි කරගන්න සල්ලිවලින් සෙප්පඩ විජ්ජා පෙන්වනවා. රුපියල් හතළිහකින් ඉන්ධන මිල අඩුකරලා ජනතාව මුලා කරන්න හදනවා. මේක තව ටික දවසයි රනිලෝ. ඔය ගේම දිගටම ගහන්න අපි ඉඩ දෙන්නේ නැහැ. රෝහල්වල බෙහෙත් නෑ. අපේ දරුවෝ බඩගින්නේ කලන්තේ දාලා වැටෙනවා. රාජ්‍ය සේවකයන් ඇතුළු සියලූම සේවකයන් අන්ත අසරණ දුක් විඳිනවා. රාජ්‍ය සේවකයන් ඇතුළු සියලූ දෙනාට ජීවත්වීමට සරිලන දීමනාවක් වහාම දීපල්ලා කියලා බලකරනවා. වරාය, ඛනිජ තෙල්, විදුලි බල මණ්ඩලය ඇතුළු ආයතන ඩොලර් සොයන්න පුළුවන් ආයතන. ඒවා විකුණන්න හදනවා. වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය මේ විකිණිල්ලට ඉඩ දෙන්නේ නැහැ. මේ රටේ තුන්වේල කන්න බැරි තත්වයට ඇද දමපු මිනිස්සුන්ට 6% සිට 36% දක්වා උපයන විට ගෙවන බද්දක් ගැහුවා. ඒ නිසා උඹලාගේ ගේම වැඩිකල් දුවන්නේ නැති බව රනිල් රාජපක්ෂ ආණ්ඩුවට කියනවා. ජනතා ප්‍රශ්නවලට උත්තර නැති ආණ්ඩුව වහාම පන්නා දැමිය යුතුයි.”










