කොළඹ ප්‍රදේශ රැසකට හෙට සහ අනිද්දා ජලය කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ රැසකට හෙට සහ අනිද්දා ජලය කප්පාදුවක්

අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීම් කිහිපයක් හේතුවෙන් හෙට (28) රාත්‍රී 10.00 සිට අනිද්දා (29) පෙරවරු 10.00 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12.00ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව, කොළඹ 2,3,4,5,7,8, සහ 10 යන ප්‍රදේශවල එලෙස ජලය කප්පාදු කිරීම නියමිතය.

මහ කොළඹ ජල සහ අපජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ සිදු කරන ලබන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීම් කිහිපයක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.

Facebook
Twitter
LinkedIn