කාන්තා සහ පිරිමි දහස් සංඛ්‍යාත පිරිසක් එකම ස්ථානයකදී නිරුවත්ව සිටීමේ අවස්ථා සංවිධාන කිරීම සම්බන්ධයෙන් ජනප්‍රියත්වයට පත්ව සිටින නිර්මාණ ශිල්පියෙකු වන ස්පෙන්සර් ටියුනික් සිය මීලග දර්ශන තලය සිඩ්නි නගරයේදී ඡායාරූපගත කිරීමට තීරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ස්පෙන්සර් ටියුනික් පවසන පරිදි ඔහු මෙම කටයුත්තේ නිරතවන්නේ චර්ම පිළිකාවල අවධානම පිළිබඳ දැනුවත් කිරීම සඳහාය. ඒ සඳහා අවම වශයෙන් 2000ක පිරිසක් සහභාගී විය යුතු අතර ඔවුන් සියලු දෙනාට කිසියම් ගෙවීමක්ද සිදුකිරීමට නියමිතය. ලබන නොවැම්බර් 26 වනදා සිඩ්නි වෙරළ තීරයේ ස්ථානයක මෙම ඡායාරූපගත කිරීම සිදුකිරීමටයි දැනට සැළසුම් කර ඇත.
වර්තමානය වනවිට ලොව වැඩිම චර්ම පිළිකා මරණ වාර්තාවන රට බවටද ඔස්ට්‍රේලියාව පත්ව සිටි අතර සෑම පැය 05කට වරක් එවැනි මරණයක් ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වේ. වසරකදී එලෙස වාර්තා වන මරණ සංඛ්‍යාව 2000කට ආසන්නයි.
ඔහු මෙය සංවිධානය කර ඇත්තේ නොවැම්බර් 21 සිට 27 දක්වා පැවැත්වෙන චර්ම පිළිකා අවධානම් සතියට සමගාමීවය.
ස්පෙන්සර් ටියුනික් විසින් අවසන් වරට ඔස්ට්‍රේලියාව තුළදී මෙලෙස නිරුවත් දර්ශන තලයක් නිර්මාණය කරනු ලැබුවේ 2010 වසරේ මාර්තු මාසයේදීය.
එහිදී සිඩ්නි ඔපෙරා රගහල අසලදි 5500කට ආසන්න පිරිසක් එකවර නිරුවත්ව පෙනී සිට තිබිණි.










