පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැහැ – රනිල් කියයි

පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැහැ – රනිල් කියයි

නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බවත් අවුරුදු දෙකහමාරකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලාපොරොත්තුවක් නැති බවත් පසුගිය 17 වෙනිදා පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර ඇත්තේ උක්ත රැස්වීමේදී, පාර්ලිමේන්තුව වසර දෙක හමාරකින් පසුව විසුරුවා හරින්නේදැයි පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ කළ විමසුමකදී අදහස් දක්වමින් බවද පැවසේ.

මේ අතර අදහස් දක්වා ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සඳහන් කර ඇත්තේ විසිදෙවැනි සංශෝධනයට පොදුජන පෙරමුණේ බහුතරයක් විරුද්ධ බැවින් 22වන සංශෝධනය සම්මත කර ගැනීම සඳහා පොදුජන පෙරමුණේ සියලු දෙනාගේ සහාය නොලැබෙන බවය.

Facebook
Twitter
LinkedIn