ඛනිජ තෙල් ඇමති කාන්චන විජේසේකර පෙට්රල් සහ ඩීසල් මිල සොච්චමකින් අඩු කරන බව පෙන්වා ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත අත්තනෝමතිකව සංශෝධනය කිරීමට ක්රියා කිරීම සම්බන්ධයෙන් සියලුම ඛනිජ තෙල් වෘත්තීය සමිති විරෝධය පළකර තිබේ.
අද (18) සමස්ත සේවක පිරිසම ලෙඩ නිවාඩු දමා මෙම විරෝධය පළකර ඇති අතර අදාළ පනත අද දිනයේ ම සංශෝධනය කර ගැනීමට ඇමතිවරයා ක්රියා කරමින් සිටී. පක්ෂ බේදයකින් තොරව සියලු වෘත්තීය සමිති අවධාරණය කර සිටින්නේ ඛනිජ තෙල් සේවකයන් නියෝජනය කරන කිසිදු වෘත්තිය සමිතියක් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා නොකර අත්තනෝමතික ලෙස ඇමතිවරයා ක්රියාකරන බව ය.
පසුගිය සෙනසුරාදා (15) ත්රිකුණාමලයේ සංචාරයක යෙදුණු අටවන ජනාධිපති රනිල් වික්රමසිංහ එහි තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පාවාදීමේ ක්රියාවලිය වේගවත් කරන බව සඳහන් කර තිබෙන අතරතුර විදුලිබල හා බල ශක්ති ඇමති අදාළ පනත් සංශෝධනය කරමින් අත්තනෝමතික ලෙස ක්රියාකරමින් සිටී.









