ජාතික රූපවාහිනියේ ප්‍රධාන පරිශ්‍රයේ විදුලි බිල නොගෙවීම නිසා ඊයේ (17) විසන්දි කළ ද, ජනමාධ්‍ය ඇමතිවරු තිදෙනෙකු රුපියල් ලක්ෂ 57ක විදුලි බිල් පොලු තැබීමක් සිදු කර ඇති බව අනාවරණය කර තිබේ.
මෙම අනාවරණය කර තිබෙන්නේ භාරත තෙන්නකෝන් පවත්වාගෙන යන යූටියුබ් නාළිකාව මගිනි. හිටපු ජනමාධ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙකුගේ නම්වලට අදාළ විදුලි බිල් ඇති බව ඔහු මෙම හෙළිදරව්ව කරමින් වැඩි දුරටත් තොරතුරු අනාවරණය කරයි.
හිටපු ජනමාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල රුපියල් ලක්ෂ 53ක විදුලි බිලක් ගෙවා නොමැත. එසේම ඩලස් අලප්පෙරුම හිටපු ජනමාධ්‍ය ඇමතිවරයා ද රුපියල් 238,982/- සහ හිටපු ජනමාධ්‍ය රාජ්‍ය ඇමති ශාන්ත බන්ඩාර රුපියල් 175,576/-ක් ගෙවා නොමැති බව හෙළිකර තිබේ.
මීට අමතරව, නාමල් රාජපක්ෂ රුපියල් 260,433/- ක විදුලි බිලක් ගෙවා නොමැති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ. ගෝඨාභය රාජපක්ෂ රුපියල් 1,170,411/-වූ විදුලි බිලක් සහ රුපියල් 119,656/- ජල බිල්පතක් ද ගෙවා නොමැත.









