මිනිස් ජීවිතයක මිල ලක්ෂ දෙකයි!

මිනිස් ජීවිතයක මිල ලක්ෂ දෙකයි!

ශ්‍රී ලංකාවේ පුරවැසියන් අතුරුදහන් කිරීමෙන් පසුව යැපෙන්නන් හට ලබා දෙන වන්දි මුදල රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ දෙක දක්වා වැඩි කිරිමට රනිල් වික්‍රමසිංහගේ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ඊයේ (10) රනිල් වික්‍රමිසංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ කැබිනට් රැස්වීමට අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මේ සම්බන්ධයෙන් යෝජනාව ඉදිරිපත් කර තිබේ. ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැති ලබා දුන් බව රජයේ නිල නිවේදයේ සඳහන් ය.

අතුරුදහන් කළවූවන් සම්බන්ධයෙන් යුක්තිය යුක්තිය ඉටු කර දෙන ලෙස ඉල්ලා උතුරේ මව්වරුන් ඇතුළු විවිධ ප්‍රදේශවල ජනතාව දිගු කාලයක් සාමකාමී අරගලයක යෙදී සිටින අතර අතුරුදහන් කරවූවෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙකක වන්දියක් ලබාදීමට ආණ්ඩුව යෝජනා කර තිබේ.

Facebook
Twitter
LinkedIn