කාණ්ඩ කීපයක් යටතේ වර්ග කර ලබා දෙන රියදුරු බලපත්‍ර ගාස්තු වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට අදාළ ගැසට් පත්‍රය ඊයේ (10) නිකුත් කර තිබේ.
ඒ අනුව පුහුණුවන්නන්ගේ අවසර පත්‍රය සඳහා බල පත්‍ර නිකුත් කිරීමට රුපියල් 2,500ට තිබූ ගාස්තුව රුපියල් 3,500/-ක් දක්වා ඉහල දමා තිබේ. මෙවැනි වර්ගීකරණ කීපයක් යටතේ ලබා දුන් බලපත්‍ර ගාස්තු අද (11) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහල දමා ඇත.
ඒ අනුව නව රියැදුරු බලපත්‍රයක් ලබා ගැනීම, රියැදුරු බලපත්‍රයක් අලුත් කිරීම හෝ වලංගු කාලය දීර්ඝ කිරීම සහ පවතින රියැදුරු බලපත්‍රය නව රියැදුරු බලපත්‍රයක් බවට පරිවර්තනය කිරීමේ දී අය කරණ ගාස්තු ඉහළ දමා ඇති අතර ඊට අදාළ ගැසට් පත්‍රය ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් නිකුත් කර ඇති අතර එම සංශෝධිත ගාස්තු සහිත ගැසට් පත්‍රය පහතින් දැක්වෙයි.
Views: 1










