පළවා හරින ලද ජනාධිපති ගෝටාබය රාජපක්ෂ විශේෂ කාර්ය සාධක බලකායන් රැසක් ස්ථාපිත කිරීම පූර්වාදර්ශ කර ගනිමින් කටයුතු කිරීමට සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මුල පුරා තිබේ.
එම අමාත්‍යංශයේදී ඊයේ (07) සෞඛ්‍ය සේවා අධ්යාක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති නිලධාරීන්ගේ රැස්වීමකදී මේ පිළිබඳව සෞඛ්‍ය ඇමති විසින් උපදෙස් ලබාදී තිබේ. ඒ අනුව “පෝෂණය සඳහා වූ විශේෂ කාර්ය සාධක බලකාය“ පිහිටුවීමට නියමිත ය.
සෞඛ්‍ය ඇමතිවරයාගේ මෙම තීරණය පිළිබඳව රජයේ නිල වෙබ් අඩවිය “පෝෂණය සඳහා වූ විශේෂ කාර්ය බලකායක්“ යන සිරස්තලයෙන් අද (08) එම ප්‍රවෘතිය පළකර ඇත.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිව සිටි සමයේ “ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකා“ විශාල ප්‍රමාණයක් පිහිටුවමින් මහජන ඒවා වෙනුවෙන් යොදවනු ලැබීය. කෙහෙලිය රඹුක්වැල්ල ද ඒ අනුව යමින් කටයුතු කිරීමට සැරසෙන බව මෙයින් පැහැදිලි වී ඇත.
මේ දක්වා අප රටේ සෞඛ්‍ය ක්ෂේත්රය ලෝකයේ වෙනත් රටවල ද ජාත්‍යන්තර සංවිධානවල ද විශේෂ ඇගයීමට පාත්රව තිබිණි. නමුත් ගෙවී ගිය කෙටි කාලයක් තුළ එම ඉහල තත්වය බිඳ වැට්ටවීමට කටයුතු කර තිබිණි.
– ඡායාරූපය – රජයේ නිල වෙබ් අඩවිය










