පසුගිය මැයි මස 09 දින සහ පසුදින ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ දේපළ විනාශ කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකිරීමේ චෝදනා මත පොලිස් ස්ථානාධිපතිවරු 30 දෙනෙකු සේවයෙන් පහත හෙළා ස්ථාන මාරු කිරීමට ආණ්ඩුවේ ප්‍රබලයින් මැදිහත් වූ ආකාරය තහවුරු වී තිබේ.
ඔක්තෝබර් 09 දිනට අදාළව නිකුත් කරන ලද සිළුමිණ පුවත්පතෙන් මෙම දේශපාලන පලිගැනීම පිළිබඳව තහවුරු කර ඇත. එම පුවත්පතේ 12 වෙනි පිටුවේ “රාජකීය හෑල්ල“ නම් විශේෂාංග ලිපියේ මෙයට අදාළ තොරතුරු වාර්තා කර ඇත .
හිටපු ඇමති සරත් වීරසේකර මෙයට අදාළ කරුණු ඉදිරිපත් කර තිබුණේ “පොලිස් ස්ථානාධිපතිවරු 30ක් විතර දැනට මාරු කරලා තියෙනවා. ඒ අය කියන්නේ ක්‍රියාත්මක වෙන්න නියෝග ලැබුණේ නෑ කියලා. නියෝග නොදීපු අය සම්බන්ධයෙන් පියවර ගන්න ඕනා.“ යනුවෙනි.
Views: 0









