ඇඟලුම් කර්මාන්තයේ අසාධ්‍ය තත්වය ගැන අනතුරු ඇඟවීම් ඉහළට

ඇඟලුම් කර්මාන්තයේ අසාධ්‍ය තත්වය ගැන අනතුරු ඇඟවීම් ඉහළට

ශ්‍රී ලංකාව ඇද දමා තිබෙන ආර්ථික අර්බුදය සහ ආණ්ඩුවේ අස්ථාවරභාවය නිසා විදේශීය සමාගම්වලින් මෙරටට ලැබෙන ඇඟළුම් ඇනවුම් ප්‍රමාණය මේ වනවිට 30% – 50%ත් අතර පහත වැටී ඇති බව හෙළිවී තිබේ.

නිදහස් වෙළඳ කළාප ආයෝජකයන්ගේ සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධම්මික ප්‍රනාන්දු මෙයට අදාළ තොරතුරු මාධ්‍යයට හෙළිකර ඇත. ඉදිරි සීත ඍතුව සඳහා අවශ්‍ය උණුසුම් ඇඟළුම් මේ වනවිට ලැබිය යුතුව තිබුණ ද, එය අවම ප්‍රමාණයකට වැටී ඇති බව ලේකම්වරයා හෙළිකර තිබේ.

නිදහස් වෙළඳ කළාපය තුළ ආයෝජන මණ්ඩලය අනුමත කරන ලද කම්හල් 1,500ක් පමණ ඇතැයි ද, එයින් ඇඟළුම් කර්මාන්ත ශාලා බොහෝ ප්‍රමාණයක් විදේශ රටවලට ගෙන යමින් තිබෙන බව ද පෙන්වා දී තිබේ.

එසේ ඉවත් කර ගන්නා කම්හල් බන්ලාදේශය, පකිස්ථානය, වියට්නාමය, ඉන්දුනීසියාව, ඉන්දියාව සහ තායිලන්තය වැනි රටවලට ගෙන ගොස් අඩු පිරිවැයකින් නිෂ්පාදන සිදු කරන බවත් පෙන්වා දී තිබේ.

Facebook
Twitter
LinkedIn