රනිල්, ලාල්කාන්තට හොඳටම බය වෙලා

රනිල්, ලාල්කාන්තට හොඳටම බය වෙලා

රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පසුගිය 05 වෙනි සඳුදා පොහොට්ටු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ලාල්කාන්ත සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව දැඩි අවධානයක් යොමු කර ඇති බව සිළුමිණ පුවත්පත සඳහන් කර තිබේ.

අටවන ජනාධිපති එම හමුවේදී “ඔබතුමන්ලා පාර්ලිමේන්තුවේදී අපිට වාසි සහගත මාතෘකා ගැන කතා කරන්නේ නැහැ. පාර්ලිමේන්තුව වටලනවා කියලා ලාල්කාන්ත කිව්වා. ඒ සම්බන්ධයෙන් තමුන්නාන්සේලා කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නෑ. කතා නායකතුමා හමුවෙලා කතා කරලා මේ සම්බන්ධයෙන් යෝජනාවක් ගේන්න කියලා මම සභානායකතුමාටයි, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාටයි කියනවා.“ යනුවෙන් ප්‍රකාශ කර ඇත.

එම පුවත්පතේ 12 වෙනි පිටුවේ “සුසිල් දයාසිරිට පෙන්නූ තරු“ යනුවෙන් නම් කළ සටහනක එසේ සඳහන් කර තිබේ. ලාල්කාන්ත හිටපු මන්ත්‍රීවරයා බොහෝ අවස්ථාවල පැහැදිලි කර තිබුණේ යම් ආයතනයක් වටලෑමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර තිබෙන මහජන විරෝධය පෑමේ නීත්‍යානුකූල අයිතියක් බවය. එහෙත් රාජ්‍ය දේපළ අත්පත් කර ගැනීම නොකළ යුතු නීති විරෝධි කටයුත්තක් බව ඔහු පෙන්වා දී තිබිණි.

Facebook
Twitter
LinkedIn