හෙට (18) දිනයේ සිට දිවයින පුරා පිහිටි සුරාසැල් 349ක් වසා දැමීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අදාළ අංශ වෙත නියෝග කර තිබේ. පාසැල් හා ආගමික ස්ථානවලට මීටර් 500ක් ඇතුළත සීමාවේ පිහිටි සුරාසැල් 349ක් මෙසේ වසා දැමීට නියමිතය.
පසුගිය රාජපක්ෂ පාලන සමය මතට තිත සංකල්පය ක්රියාත්මක කරන බව පවසමින් රට පුරා සුරාසැල් සඳහා බලපත්ර ලබා දීමට කටයුතු කළ අතර ඊට එරෙහිව දැඩි විරෝධයක් රටපුරා ගොඩ නැගුණි. ලෝකයේ ඒකපුද්ගල මත්පැන් පරිභෝජනයෙන් ඉහළම රටවල් අතර ප්රමුඛස්ථානයට පැමිණීමට සමත් වී තිබේ. මහින්ද රාජපක්ෂ රජයේ ඇමතිවරුන් දෙදෙනෙකු මත්පැන් නිෂ්පාදන සමාගම්වල හිමිකරුවන් වූ අතර ඔවුන් නීති විරෝධීව එතනෝල් ගෙන්වීමට සම්බන්ධ වූහ. එමෙන්ම එම රජයේ ඇමතිවරුන් ගණනාවක් සුරාසැල් හිමිකරුවන් බවට පත්ව සිටියහ. ඊට අමතරව රටපුරා පිහිටි සුරාසැල්වලින් බහුතරයකට ශ්රිලනිපයේ ප්රාදේශීය දේශපාලඥයින් හිමිකම් කියන අතර පළාත් සභා ඇමතිවරුන්, මන්ත්රීවරුන් මේ අතර වෙති.









