හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ලංකා හොස්පිටල් ආයතනයේ සභාපතිවරයාව සිටිමින් රජයේ මුදල් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පැමිණිල්ලක් සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඒ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කරන ලෙස කොළඹ මුල්‍ය අපරාධ විමර්ශන අංශයට ඊයේ (16) නියෝග කර තිබේ.
ඒ ලංකා හොස්පිටල් ආයතනයේ විශේෂඥ වෛද්‍ය නියෝමාල් පෙරේරා මහතා විසින් පසුගිය 07 වනදා කොළඹ මුල්‍ය අපරාධ විමර්ශන අංශයට ගොනු කර ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් අධිකරණයට එම විමර්ශන අංශය කරුණු වාර්තා කළ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කර ඇත.
2009 වර්ෂයේ සිටි 2014 දක්වා කාලයට අදාළව ඔහු මෙම පැමිණිල්ල ගොනු කර තිබේ. විශේෂඥ වෛද්‍ය නියෝමාල් පෙරේරා මහතා 2008 වර්ෂයේ සිට මේ දක්වා එහි සේවය කරන බවත් දන්වා ඇත.
ලංකා හොස්පිටල් ආයතනයේ කොටස්වලින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතුව 54.61%ක්ද DCSL ආයතනය සතුව 28.61%ක්ද ප්‍රොපර්ටි ඩිවලොප්මන්ට් ආයතනය සතුව 09.53%ක්ද තවත් සුළු කොටස් ප්‍රමාණයක් විවිධ පුද්ගලයන් සහ මූල්‍ය සමාගම් සතුවද තිබී ඇත. කෙසේ නමුත් 2009 වසරේදී ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව රජයට පවරාගැනීමත් සමග ලංකා හොස්පිටල්හි වැඩිම කොටස් ප්‍රමාණය රජයට හිමි වූ අතර එතැන් සිට එහි සභාපතිවරයා බවට පත්වූ වේ හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතාය.









