සිරියාවේ අසාද් පාලනය පෙරළා දැමීම සඳහා සෘජු ආක්‍රමණයක් සිදු කළ යුතු යැයි දැඩි ස්ථාවරයක සිටිමින් කටයුතු කළ ඇමෙරිකාවේ ස්ථාවරය වෙනස් කරමින් ඉදිරියේදී සිරියානු රජය සමග සාකච්ඡා පැවැත්වීමට ඇමෙරිකාව සූදානම් බව රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ප්‍රකාශ කර තිබේ.
වසර කිහිපයක් තිස්සේ අසාද් පාලනය පෙරළ දැමීම සඳහා ඇමෙරිකානු ආරක්ෂක අංශ ත්‍රස්තාවාදීන්ට සෘජුව අවි ආයුධ හා පුහුණු කිරීමට මැදිහත් වූ බවට හෙළිදරව් වී තිබෙන අතර අසාද් පාලනයට එරෙහිව රසායනික අවි භාවිතා කිරීම හා රසායනික අවි සංචිත ඇති බවට දැඩි චෝදනා එල්ල කරමින් සිරියාව එරෙහිව සෘජු ආක්‍රමණයක් කිරීමට සූදානම් වූ ඇමෙරිකාවේ උත්සාහය රුසියානු මැදිහත් වීම හමුවේ වැළැක්වීමට හැකි විය.
ඇමෙරිකානු වුවමනාවන් ඉටු කර ගැනීම වෙනුවෙන් නිර්මාණය කළ මෙම යුද්ධයෙන් ලක්ෂ දෙකකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. දෙවන ලෝක යුද්ධයෙන් පසු ලොව ඇති වූ දරුණුතම ඛේදවාචකය බවට සිරියානු යුද්ධය පත් වී ඇති බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි. මිලියන ගණනාවක් ජනතාව සරණාගතයන් බවට පත් කර ඇති මෙම යුද්ධය සිරියාවේ සිරිය අහිමි කර තිබේ.









