ලබන වසරේ ආර්ථිකයේ බිහිසුණුකම එළියට

ලබන 2023 වර්ෂය සඳහා රජයේ සමස්ත වියදම රුපියල් කෝටි 787,900 එනම් රුපියල් බිලියන 7,879ක් වන බව කැබිනට් මණ්ඩලයට රනිල් වික්‍රමසිංහ විසින් දැනුම් දී තිබේ.

මෙම මුදල වැය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදී ඇත. ප්‍රාග්ධන වියදම් වශයෙන් රුපියල් කෝටි 324,500ක් සහ පුනරාවර්තන වියදම් වශයෙන් රුපියල් කෝටි 463,400ක් වෙන් කර තිබේ. රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන ලද 2022 සංශෝධිත අයවැය අනුව රජයේ මුලු වියදම රුපියල් කෝටි 622,200ක් දක්වා ඉහල නැග තිබිණි.

එය ලබන වසර වෙනුවෙන් තවත් රුපියල් කෝටි 165,700කින් ඉහල යන බව මෙම කැබිනට් නිවේදනයෙන් හෙළිවේ.

Facebook
Twitter
LinkedIn