දකුණු ආසියානු කාන්තා පැසිපන්දු ශූරතාවය ලංකාවට

දකුණු ආසියානු කාන්තා පැසිපන්දු ශූරතාවය ලංකාවට

මාලදිවයිනේ පැවති දකුණු ආසියා කාන්තා පැසිපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.

මාලදිවයිනේ මාලේ නුවර පස්වන වරට පැවති දකුණු ආසියානු තරඟාවලියේ සත්කාරක මාලදිවයින් කන්ඩායම අවසන් තරගයේදී පරාජයට පත් කරමින් දකුණු ආසියානු කාන්තා පැසිපන්දු තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකාව හිමිකර ගැනීමට සමත් විය.

තරඟයේ පළමු අර්ධය නිමා වනවිට ශ්‍රී ලංකාව ලකුණු 46 ට 22ක් ලෙස පෙරමුණ ගෙන තිබුණ අතර දෙවන අර්ධය නිමා වනවිට ලකුණු 72ට 59ක් ලෙස පෙරමුණ ගත්තේය.

මේ අතර ශ්‍රී ලංකාව දකුණු ආසියානු කාන්තා පැසිපන්දු තරගාවලියේ ශූරතාව හිමිකරගත්තේ දෙවන වරට වීමද විශේෂත්වයක් විය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්