ඊයේ 26 පස්වරුවේ තඹුත්තේගම පෞද්ගලික බැංකුවක් ඉදිරිපිටදී ආයුධ සන්නද්ධව රුපියල් ලක්ෂ 223ක මුදලක් කොල්ලකෑ සැකකරුවන් දෙදෙනෙකු එම මුදල් සමඟ අත්අඩංගුවට ගත් අතර එම මංකොල්ලයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් රාජාංගනය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු අත්තඩංගුවට ගෙන තිබේ.
සැකකාර (44) හැවිරිදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී අද ( 27) තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.
අදාළ මංකොල්ලය සිදුවන අවස්තාවේ එම ස්ථානයෙන් ගමන් කළ තඹුත්තේගම පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි අංශයේ පොලිස් සැරයන් 42323 බුද්ධික කුමාර නිලධාරියා එම ආයුධ සන්නද්ධ සැකකරුවන් මෙල්ල කර අත්අඩංගුවට ගෙන කොල්ලකෑ මුදල් ද පොලිස් භාරයට ගෙන තිබිණි.
27










