රාජපක්ෂ, මෛත්‍රී සමයේ විදේශ ණය සම්භාරයක් බොල් ව්‍යාපෘතිවල

මෙරටට 2006 වසරේ සිට 2019 වසර දක්වා ලබා ගෙන ඇති මුලු විදේශ ව්‍යාපෘති ණයවලින් 70%ක් පමණ තිරසර නොවන ව්‍යාපෘති වෙනුවෙන් යොදවා ඇති බව හෙළිවී තිබේ.

කැනඩා ජාතික විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු ලෙස සේවය කරන ප්‍රේමචන්ද්‍ර අතුකෝරල මෙම තොරතුරු අද (27) උදේ සිරස රූපවාහිනී පැතිකඩ වැඩ සටහනට එක් වෙමින් හෙළි කළේය. මෙසේ ලබා ගෙන ඇති තිරසර නොවන ව්‍යාපෘති ණය සුමෝ ක්‍රීඩකයෙකු බිහි කිරීම වැනි යැයි මහාචාර්යවරයා පැහැදිලි කළේය. එවැනි ක්‍රීඩකයෙකු ඉතා කෙටි කාලයකදී අභාවයට පත්වන අතර වෙනත් සටන් කළා ක්‍රීඩකයන් වසර 80ක් පමණ ජීවත් වන්නේ යැයිද පැහැදිලි කළේය.

ශ්‍රී ලංකා ආර්ථිකය සංවර්ධනය කිරම වෙනුවෙන් එම කාල පරිච්ඡේදය තුළ ලබා ගෙන ඇති ණය බොල් ව්‍යාපෘතිවල යොදවා ඇති බව හෙළි කළේය. මෙය ආර්ථික බුබුලක් වශයෙන් හඳුන්වනු ලැබේ. මේ වනවිට එම ආර්ථික බුබුල පුපුරා ගොස් ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්