රට ගොඩනැගීමේ සැලසුම් ආසන මට්ටමින් සකස් කරනවා – සුනිල් හඳුන්නෙත්ති

රට ගොඩනැගීමේ සැලසුම් ආසන මට්ටමින් සකස් කරනවා – සුනිල් හඳුන්නෙත්ති

පක්ෂ භේදයකින් තොරව ජාතික ජන බලවේගය වටා එක්ව සිටින ජනතාව, එම බලවේගය විසින් ඉදිරිපත් කරන ලද රට ගොඩනැගීමේ වැඩපිළිවෙල පිළිබඳව යම් අවබෝධයකින් සිටින අතර ආසන මට්ටමින් ඒ සම්බන්ධයෙන් සැලසුම් සකස් කරන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති අකුරැස්ස ආසන සමුළුවේදි පැවසීය.

මේ වනවිට රටේ ජනතාව ජාතික ජන බලවේගය වටා එක් වෙමින් පාලනය බාරදීමට සූදානම් වන්නේ වංචා දූෂණවලින් තොරව රට ගොඩනගන එකම බලවේගය ලෙස තෝරාගෙන සිටීමෙන් බවත් ඔවුන්ගේ අරමුණ යථාර්ථයක් කිරීම සඳහා ආසන මට්ටමින් මානව සම්පත සහ අනිකුත් භෞතික සම්පත් පිළිබඳව දත්ත ලේඛණ සකස් කරන බව ඒ අනුව රට පුරාම ක්‍රියාත්මක වන පරිදි තම පාලනයක් යටතේ රට ගොඩනගන බවත් ඔහු අවධාරණය කරනු ලැබීය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්