එක්සත් ජාත.ීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේ 51 වෙනි සැසිවාරය අද (12) ජිනීවාහිදී ආරම්භ වන අතර එහි ශ්‍රී ලංකා ආණ්ඩුවේ මූල්‍ය අපරාධ ඇතුළු චෝදනා ගණනාවක් ලෝකයේ ප්‍රමුඛතම සාකච්ඡාව බවට පත්වී තිබේ.
එම සැසිවාරය ඔක්තෝබර් 07 වෙනි දින දක්වා පැවැත්වේ. ලෝකයේ විවිධ රටවල්වල ආණ්ඩු සිදු කරනු ලබන මූල්‍ය අපරාධ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් වශයෙන් මේ සැසිවාරයේ සිට විශේෂයෙන් නම් කර තිබේ. ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ සමාජ දේශපාලනය කඩා වැටීම මූල්‍ය අපරාධවල ප්‍රතිඵලයක් ලෙස සිදුවී තිබෙන බව ලෝකයේ විශේෂ අවධානයට යොමු වී තිබේ.
ඊට අමතරව සාමකාමී මහජන උද්ඝෝෂණවලට එරෙහිව යොදා ගන්නා රාජ්‍ය ත්‍රස්තවාදය පිළිබඳව ද විශේෂයෙන් සාකච්ඡාවට ලක්වන අතර මෙරට නියෝජිතයන් එම චෝදනාවලට මෙම සැසිවාරයේදී පිළිතුරු දිය යුතුව තිබේ.
0









