නවසීලන්තය අවසන් මොහොතේ ජය ගනී

(තෙවන සංස්කරණය) මේ වනවිට නවසීලන්ත කණ්ඩායම හා ඕස්ට්‍රේලියාව අතර නවසීලන්තයේ ඔක්ලන්ඩ්හිදී පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 32.2ක දී සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 151ක් පමණි. නවසීලන්ත පන්දු යවන්නන් හමුවේ දැඩි පසුබෑමකට ලක්වූ ඕස්ට්‍රේලියානු පිතිකරුවන් කිසිවෙකුට ලකුණු 50 සීමාව පසු කිරීමට නොහැකි විය. වැඩිම ලකුණු ලාභියා වූයේ බ්‍රැඩ් හැඩින්ය. ඔහු ලකුණු 43ක් ලබා ගැනීමට සමත් විය. පන්දු යැවීමේදී බොල්ට් පන්දුවාර 10කදී නිලකුණු පන්දුවාර 3ක් සමග ලකුණු 17කට කඩුලු 5ක් බිඳ හෙළිමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම මේ වන විට පන්දුවාර 23.1කදී අවසානයේ කඩුලු 9කට ලකුණු 152ක් ලබා ගනිමින් අසීරු ජයග්‍රහණයක් ලබැ ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය. නවසීලන්ත පිළිතුරු ඉනිම අාරම්භ කරමින් වේගවත් ආරම්භයක් ලබා ගත් අතර දෙවන කඩුල්ල ලකුණු 78 දී බිඳවැටීමත් සමග  ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉදිරියේ නවසීලන්ත පිතිකරුවන්ටද සාර්ථක වීමේ අවස්ථාව අහිමි විය. නවසීලන්තය වෙනුවෙන් වේගවත් ආරම්භයක් ලබා දුන් බ්‍රෙන්ඩන් මැකලම් ලකුණු 50ක් හා කේන් විලියම්සන් ලකුණු 45ක්ද ඊට අමතරව ජේමිස් ඇන්ඩ්‍රසන් ලකුණු 26ක් ලබා ගැනීමට සමත් විය. නවසීලන්ත ඉනිමේ ලකුණු නොලබා පිතිකරුවන් සිව් දෙනෙකු දැවි යෑම විශේෂත්වයකි. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දු යැවීමේදී මිචෙල් ස්ට්‍රක් පන්දුවාර 9ක් තුළ ලකුණු 28කට කඩුලු 6ක් බිඳ හෙළිමට සමත් විය. 

Facebook
Twitter
LinkedIn