ආගමන විගමන පාලකවරයා වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම හා ගමන් බලපත්‍ර දෙකක් පාවිච්චි කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ඇමැති විමල් වීරවංස මහතාගේ බිරිඳ ශෂී වීරවංස නම් සැකකාරියට සොයාගත නොහැකි රෝගයක් වැළඳී ඇතැයි හෙළි වේ.
මෙය හෙළි දරව්වන්නේ ඊයේ (24) විවෘත අධිකරණය හමුවේ ප්‍රශ්න කරමින්, “අධිකරණ වෛද්‍යවරයාටත් සොයාගත නොහැකි රෝගය කුමක් දැයි” කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිළපිටිය මහතා සිදු කළ විමසීමේදීය.
ඇය පෞද්ගලික රෝහලෙන් බන්ධනාගාර රෝහල වෙත රැගෙන යාම සඳහා බන්ධනාගාර නිලධාරීන්ට ඉඩ නොදී සිටීමට සැකකාරියගේ නීතිඥයින් අධිකරණයට කරුණු වාර්තා කළ අවස්ථාවේ මෙම ප්‍රශ්න කිරිම සිදු කර තිබේ.
එහි උපුටාගැනීම් පහත පල වේ.
“නීතිඥ විඡේසිරි අඹවත්ත මහතා :- පැමිණිල්ල මෙම අධිකරණය හමුවේ කැඳවන තුරු සැකකාරිය එම පෞද්ගලික රෝහලේම ප්‍රතිකාර ලබා ගැනීමට ඉඩ දෙන්න.
මහෙස්ත්‍රාත්වරයා :- බන්ධනාගාර නීතිය අනුව පෞද්ගලික රෝහලක ප්‍රතිකාර බැහැ කියනවානේ. අධිකරණ වෛද්‍යවරයාත් සැකකාරියට අසනීපයක් නැති බව වාර්තා කර තියෙනවා. ඔහුටත් අසුනොවන රෝගය කුමක්ද? ඕනම රෝගයකට බන්ධනාගාර රෝහලෙන් ප්‍රතිකාර ගන්න පුළුවන්.
බන්ධනාගාර නිලධාරීන් :- විශේෂඥ වෛද්‍ය පහසුකම්ද ලබා ගත හැකි ස්වාමිනී.
මහෙස්ත්‍රාත්වරයා :- ප්‍රතිකාර දෙන්න පුළුවන්. රෝගය කුමක්ද කියා දැන ගත යුතුයි. කියන්න බැරි අමාරුවක් ද?
නීතිඥ විඡේසිරි අඹවත්ත මහතා :- සැකකාරියට කනේ අමාරුවක් තියෙනවා ස්වාමිනි. විටින් විට ක්ලාන්ත ගතියක්ද මතු වෙනවා.
මහෙස්ත්‍රාත්වරයා :- මට තේරෙන්නේ නැහැ අධිකරණ වෛද්‍යවරයාටත් අල්ල ගන්න බැරි රෝගය මොකක්ද කියලා. අසනීප තත්ත්වය ගැන වෛද්‍ය උපදෙස් ලබාදීමක් නැද්ද? ජාතික රෝහල වුණත් බාර ගන්නේ රෝගයක් තියෙනවා නම් පමණයි.”









