ජාතික ආණ්ඩුවකට රනිල් සූදානම්

මහමැතිවරණයකට පෙර ජාතික ආණ්ඩුවක් ගොඩ නැගීමට පසුගියදා ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමේ බහුතරයක් එකඟ වීමත් සමග ඊට අදාළ සාකච්ඡා ශ්‍රීලනිපය සමග හෙට (26) ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික කොන්දේසි වශයෙන් ඉදිරිපත් කර තිබෙන මෙම ඇමතිධූර සංඛ්‍යාව පිළිබඳව සලකා බැලීමේදී එවැනි සාකච්ඡාවකට හෝ ඉඩකඩක් තිබිය නොහැකි බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. එහෙත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මෙම පදනම මත සිට සකච්ඡාවකට මුල පුරන්නේ නම් ඉදිරියේදීද යහපාලනය වෙනුවට දේශපාලන කප්පම් දීම මත ආණ්ඩු පිහිටුවාගැනීමේ ක්‍රියාවලිය දිගටම පවතිනු ඇති බව ඔවුහු පෙන්වා දෙති.

ශ්‍රිලනිපයෙන් යෝජනා වී ඇත්තේ ජාතික ආණ්ඩුවේ කැබිනට් ඇමතිධූර 25ක් හා නියෝජ්‍ය ඇමතිධූර 25ක් තමන්ට ලැබිය යුතු බවයි.

ආශ්‍රිත පුවත්:-

 

Facebook
Twitter
LinkedIn