ආණ්ඩුකාරවරු සියලු දෙනා ඉවතට

ආණ්ඩුකාරවරු සියලු දෙනා ඉවතට

මහජනතාව විසින් පළවා හරින ලද ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපති විසින් පත්කරන ලද ආණ්ඩුකාරවරුන් 09 දෙනාම ඉවත් කර අලුත් පිරිසක් පත් කිරීමට රනිල් වික්‍රමසිංහ සැලසුම් කර තිබේ.

අද (30) වෙනවිට වාර්තාවන තොරතුරු අනුව අලුතින් පත්කරන ආණ්ඩුකාරවරුන් 05 දෙනෙකු සඳහා පුද්ගලයන් ස්ථීර කර ගෙන තිබේ. සිව්දෙනෙකු සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නැත. එම සිව් දෙනා පත්කිරීමේදී බැසිල් රාජපක්ෂගේ දැඩි බලපෑමක් පවතින බව අනාවරණය වේ.

පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහට අවශ්‍ය පරිදි රාජ්‍ය යාන්ත්‍රණය ගොඩ නගා ගැනීමේ ප්‍රධාන පියවරක් වශයෙන් මෙම ආණ්ඩුකාරවරුන් පත් කරන බව ආණ්ඩුවේ අභ්‍යන්තරවලින් හෙළි වී තිබේ.

Facebook
Twitter
LinkedIn