ප්‍රබලයන් පිරිසක් සරිත් හැර යයි

ප්‍රබලයන් පිරිසක් සරිත් හැර යයි

සමගි ජන බලවේගයේ ප්‍රබලයක් පිරිසක් ඉදිරි සතියේදී රනිල් වික්‍රමසිංහගේ කැබිනට් මණ්ඩලයට එක්වීමට තීරණය කර ඇති බවට අනාවරණය වේ.

මෙසේ එක්වන පිරිස මූලික වශයෙන්ම අවධාරණය කර තිබෙන්නේ රටේ පවතින ආර්ථික අර්බුදය නිමා කිරීම සඳහා රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබාදිය යුතු බවය.

පසුගිය 28 වෙනි දින සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම රැස්වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් සංවාදයකට ලක්කර තිබේ. කබීර් හෂීම්, එරාන් වික්‍රමරත්න, මයන්ත දිසානායක, ආචාර්ය හර්ෂ ද සිල්වා සහ රන්ජිත් මද්දුම බණ්ඩාර යන ප්‍රමුඛයන් රනිල් වික්‍රමසිංහ යටතේ ඇමති ධුර ලබා ගනිමින් ආර්ථිකය ස්ථාවර කිරීමට ප්‍රමුඛත්වය දිය යුතු බව අවධාරණය කර ඇත. එහෙත් ඒ සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණ නැති අතර ඉහත කී ප්‍රබලයන් තම මතය අනුව යමින් ආණ්ඩුවට එක්වීමේ සූදානමින් සිටින බව හෙළිවේ.

Facebook
Twitter
LinkedIn