ශ්‍රී ලංකාව මානුෂික අර්බුදයේ ගිලෙමින් පවතී – එක්සත් ජාතීන්

ශ්‍රී ලංකාව මානුෂික අර්බුදයේ ගිලෙමින් පවතී – එක්සත් ජාතීන්

ශ්‍රී ලංකාව මේ වනවිට විනාශකාරී ආර්ථික සමාජීය සහ මානුෂීය අර්බුදයක ගිලෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන් වාර්තාවක් ඉදිරිපත් කරමින් දැඩි අනතුරු ඇඟවීමක් සිදු කරයි.

මේ සම්බන්ධයෙන් පසුගිය ජූලි 09 වෙනි දින වාර්තාවක්ද නිකුත් රක ඇති අතර ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතා අර්බුදය එහි මූලික කරුණු ලෙස අවධාරණය කර ඇත. එහිදී තොරතුරු සහිතව හෙළිකර ඇත්තේ ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස ලකුෂ 57ක ජනතාවක් සඳහා හදිසි මානුෂීය ආධාර ලබාදීමට සිදුවී ඇති බවය.

මෙම ලක්ෂ 57ක පිරිස වර්තමාන ආර්ථික කඩා වැටීම නිසාම දරිද්‍රතාවයට ඇද වැටුණු පිරිස වේ. එයට පෙර දළ වශයෙන් ලක්ෂ 17ක පමණ පිරිසක් අන්ත දරිද්‍රතාවයට වැටී සිටියහ.

Facebook
Twitter
LinkedIn