ඉදිරියේදී සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන බව ප්‍රකාශ කරමින් වෙනත් පක්ෂවලට ලබා දෙන ඇමති ධුර ලබා ගැනීම වෙනුවෙන් මේ වනවිට ආචාර්ය හර්ශ ද සිල්වා සහ සරත් ෆොන්සේකා සමඟ ආණ්ඩුවේ නියෝජිතයන් සාකච්ඡා ආරම්භ කර ඇති බව අනාවරණය වේ.
සාකච්ඡා සාර්ථක වුවහොත් ආචාර්ය හර්ෂ ද සිල්වාට මුදල් අමාත්‍යංශයත් සරත් ෆොන්සේකාට මහජන ආරක්ෂක අමාත්‍යංශයත් ලබා දීමට සැලසුම් කර ඇත. මේ වනවිට රට තුළ මතුවී තිබෙන ආර්ථික හා දේශපාලන කඩා වැටීම නිමා කිරීමට සියලු දෙනාගේ සහයෝගය ලබා ගන්නා බව රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපති ප්‍රකාශ කර තිබේ. ඒ අනුව අදාළ සැලසුම් වජිර අබේවර්ධන විසින් දියත් කර ඇත.
අගෝස්තු මාසයේ ඉදිරිපත් කරන අතුරු අයවැය සම්මත කර ගැනීමට අනෙකුත් පක්ෂ ද එක්කර ගත් සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවීමේ ඉලක්ක සහිතව වජිර අබේවර්ධන ක්රියාකාරමින් සිටී. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ලෙස ඔහු ඉතා ඉක්මනින් දිවුරුම් දෙනු ඇති බව ද, මේ සියලු කටයුතු අයවැය ලේඛණය සම්මත කර ගැනීමේ අරමුණ සහිතව මේ වනවිටත් ක්‍රියාවට නඟා ඇති බවත් ආණ්ඩුවේ අභ්‍යන්තර තොරතුරුවලින් අනාවරණය වේ.










