මැයි 09 ගෝඨාගෝගම ප්‍රහාරයේ වින්දිතයන්ට පොලිසිය වන්දි ගෙවිය යුතුයි – මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ කරයි

මැයි 09 ගෝඨාගෝගම ප්‍රහාරයේ වින්දිතයන්ට පොලිසිය වන්දි ගෙවිය යුතුයි – මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ කරයි

පසුගිය මැයි 09 වනදා මයිනාගෝගම සහ ගෝටාගෝගමට එල්ල කළ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම සිදු කළ පරීක්ෂණයකින් පසු වින්දියන්ට පොලිසිය වන්දි ගෙවිය යුතු බවට නිර්දේශ කර තිබේ.

අරලියගහ මන්දිරයේ පැවති රැස්වීමකින් පසු සාමාකාමී අරගකරුවන්ට පහර දීමට පැමිණි පිරිස් පාලනය කිරීමට හෝ වැළැක්වීමට අපොහොසත් වූ පොලිස්පති ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියාගේ සිට විරෝධතා භූමිය අවට සේවයේ සිටි සියලු පොලිස් නිලධාරීන් පිළිබඳව විමර්ශනයක් සිදුකළ යුතු බවටද මානව හිමිකම් කොමිසම ජනාධිපතිවරයාට නිර්දේශ කර ඇත.

මානව හිමිකම් කොමිසම වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, මැයි 09 ප්‍රහාරය ක්‍රියාත්මක විමෙන් පොලිස්පතිවරයා සාමකාමී විරෝධතාකරුවන්ට ආරක්ෂාව සහතික කිරීමට හා නීතිය ක්‍රියාත්මක කිරීමට අපොහොසත්වී ඇති බවයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්