වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත ගුවන් පාලම යට දී ඊයේ (25) රාත්‍රීයේ තියුණු ආයුධවලින් පහරකෑමට ලක්ව බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.
මෙලෙස ඝාතනයට ලක් වී ඇත්තේ 34 හැවිරිදි කුරුනියාවත්ත වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඝාතනයට හේතුව හෝ ඝාතනය සිදුකළ පුද්ගලයින් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැල්ලම්පිටිය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
Views: 0










