ගෝඨා වෙනුවෙන් තටු කැපූ 22 වෙනි සංශෝධනය රනිල් වෙනුවෙන්

ගෝඨා වෙනුවෙන් තටු කැපූ 22 වෙනි සංශෝධනය රනිල් වෙනුවෙන්

අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ විසින් කෙටුම්පත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර එහි යෝජිත බොහෝ සංශෝධන වර්තමාන ජනාධිපතිවරයාගෙන් පසුව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එම සංශෝධන පළවාහරින ලද ජනතාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ධූර කාලයෙන් අනතුරුව ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබිණි. එය එසේම වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් අනතුරුව ක්‍රියාත්මක කළ හැකිවන පරිදි පවතින බවට තෝරතුරු අනාවරණය වේ.

පසුගිය මැයි මාසයේදී අදාළ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුලින් ප්‍රකාශ කර තිබුණ ද රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයට පත්වී මාස දෙකක් ප්‍රමාද කිරීමෙන් පසුව දැන් අනුප්‍රාප්තික ජනාධිපති ලෙස තමන්ගේ බලතල සුරක්ෂිත කර ගැනීමෙන් පසුව අදාළ සංශෝධන ක්‍රියාත්මක කිරීමට නියමිත බව හෙළිවී තිබේ.

Facebook
Twitter
LinkedIn