අරගලය අසාර්තක යැයි නොසිතන ලෙසත් මානුෂිකව කම්පා නොවන ලෙසත් මේ වනවිටත් ජයග්‍රහණ රාෂියක් ලබාගනිමින් තිබෙන පසුබිමක ගෝටාබය රාජපක්ෂ ප්රමුඛ රාජපක්ෂවරුන් පලවාහැරීමට පෙර රනිල් වික්‍රමසිංහ අඟමැති ධුරයට පත් කිරීම හරහා ජනාධිපති දක්වා පැමිණ තිබුණත් ඔහු හොරෙක් බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, නීතීඥ හර්ශන නානායක්කාර පැවසීය.
ඔහු මේ බව පැවසූවේ ජාතික ජන බලවේගය සංවිධානය කළ “විකෘති පාලනයෙන් – ජනතා පාලනයකට” සම්මන්ත්රණ මාලාවේ ආරම්භක සම්මන්ත්‍රණය මහරගම තරුණ සේවා මධ්‍යස්ථානයේදි පවත්වමිණි.
වැඩිදුරටත් අදහස් දක්වමින් රනිල් වික්‍රමිසිංහ මහ බැංකු කොල්ලයේ මහ මොළකරු බව සනාත වී තිබියදී ඇතැම් අය ඔහු ටික කාලයක් දිය යුතු බව ප්‍රකාශ කරන්නේ යැයිද එහෙත් ඔබේ ගෙදරට හොරෙක් පැන්නහොත් හොරා කරන්නේ මොනවාදැයි ඔබ බලා සැටින්නේදැයි එහු ප්‍රශ්න කළේය. මහජන උද්ඝෝෂණ හමුවේ කපුටෙක් මරා තට්ටක් එල්ලා මර්ධනය කළ යුතු බවට වහසිබස් දෙඩූ ජොන්ටන් ආචාරියාගේ උදෙස් පිළිපැදීම නිසා මේ වනවිට කපුටු රෑනම පලවා හැර ඇති නමුත් රනිල් වික්‍රමසිංහ ඔහුන් වෙනුවෙන් කටයුතු කරමින් සිටින බවත් නීතීඥ හර්ශන නානායක්කාර අවධාරණය කළේය.










