ජනතාව නිවට නියාලු ලෙස ඉවසාගෙන ඉඳීවි කියා කල්පනා කළ පාලකයන්ව පලවා හැරියා – අනුර දිසානායක

ජනතාව නිවට නියාලු ලෙස ඉවසාගෙන ඉඳීවි කියා කල්පනා කළ පාලකයන්ව පලවා හැරියා – අනුර දිසානායක

රාජපක්ෂ පවුල් පාලනයට බියවීද තවත් විටෙක සංත්‍රාසයට පත්වීමෙන්ද බලා සිටි ජනතාව 2015දී එම පවුල් පාලනය පරාදකරන විට තිබුණාට වඩා විශාල පවුල් බලයක් 2019දී ලබාගනිමින් බලයට පැමිණීමෙන් පසු නිවට නියාලු ලෙස සියල්ල ඉවසා වදාරාගෙන සිටීවි යැයි පාලකයන් කල්පනා කළද ජනතාව ඔවුන් පලවා හැරිය බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පැවසීය.

ඔහු මේ බව පැවසූවේ ජාතික ජන බලවේගය සංවිධානය කළ “විකෘති පාලනයෙන් – ජනතා පාලනයකට” සම්මන්ත්‍රණ මාලාවේ මහරගම තරුණ සේවා මධ්‍යස්ථානයේ පැවති ආරම්භක සම්මන්ත්‍රණයේදීය.

2019 බලයට පැමිනීමෙන් පසු රාජපක්ෂ පවුල් පාලනය කල්පනා කළේ තමන් ව්‍යවස්ථාව ඇතුළේ, හමුදාව ඇතුළේ සහ නවීන අවි ආයුදවලින් සන්නධවීම ඇතුළේ බලය ආරක්ෂා කරගතහැකි බවයි. එහෙත් අවසානයේදී ජනතාව තමන් සතුව තිබුනු තේරුම් නොගත් මහා බලය උපයෝගී කරගෙන ඕනෑම බලකඳුවරක් සමග හැප්පී සුනු විසිණු කර දැමූ බව භාවිතයෙන්ම ඔප්පු කළේ යැයි වැඩිදුරටත් අවධාරණය කරනු ලැබීය.

Facebook
Twitter
LinkedIn