ගෝලි ෆේස් අරගලබිමේ පමණක් නොව රට පුරා අම්මලා තාත්තලා අරගලයට බැස්සා – සරෝජා පෝල්රාජ්

ගෝලි ෆේස් අරගලබිමේ පමණක් නොව රට පුරා අම්මලා තාත්තලා අරගලයට බැස්සා – සරෝජා පෝල්රාජ්

මේ වනවිට ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් දහයෙන් තුන්දෙනෙකු ඊලඟ ආහාරවේල සොයාගැනීම පිළිබඳ බලවත් අර්බුදයක ගිලී සිටින බව ලෝක ආහාර හා සෞඛ්‍ය සංවිධානය හෙළිකර තිබෙන්නේ යැයිද දරුවට කිරිපිටි, ඖෂධ, ගෑස් සහ ඉන්ධන පෝලිම්වල දුක්විඳින් කාන්තාවන් ප්‍රමුඛ සියලු දෙනාගේ වේදනාව අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය මැනවින් තේරුම්ගෙන තිබෙන බන එඑම සංවිධානයේ සභාපති, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සරෝජි සාවිත්‍රි පෝල්රාජ් පැවසුවාය.

ඇය මේ බව පැවසූවේ ජාතික ජන බලවේගය සංවිධානය කළ “විකෘති පාලනයෙන් – ජනතා පාලනයකට” සම්මන්ත්‍රණ මාලාව ආරම්භකරමින් මහරගම තරුණ සේවා මධ්‍යස්ථානයේදි පැවති සම්මන්ත්‍රණය අමතමිණි.

එහිදී වැඩිදුරටත් අවධාරණය කළේ ගෝල් ෆේස් පිටියේ පමණක් නොව රට පුරා අස්සක් මුල්ලක් නෑරම මවුවරුන් පියවරුන් සහෝදර සහෝදරියන් ඇතුළු පවුල් පිටින් අරගලයට පාරට පැමිණි බවය. මේ හමුවේ බරපතල ලෙස ආණ්ඩුවට නැගි විරෝධය තවමත් අවසන් වී නැති බවත් විකෘති පාලනයෙන් හැකි ඉක්මනින් ඉවත් වී ජනතවාදී පාලනයක් පිහිටුවාගෙන යහපත් අනාගතයක් ගොඩනගාගතයතු බව ඇය අවධාරණය කළාය.

Facebook
Twitter
LinkedIn