දේශපාලන අර්බුදය අවසන් බව රනිල් රාජපක්ෂලා හිතනවා – වසන්ත සමරසිංහ

දේශපාලන අර්බුදය අවසන් බව රනිල් රාජපක්ෂලා හිතනවා – වසන්ත සමරසිංහ

රාජපක්ෂවරුන්ගේ පාලනය යටතේ ආර්ථික සහ දේශපාලනික වශයෙන් බිහිසුනු අර්බුදයකට ඇද දැමූ රටේ ජනාධිපති ලෙස රනිල් රාජපක්ෂ පත්කිරීමෙන් පසුව දේශපාලන අර්බුදය අවසන් බව ඔවුන් සිතන්නේ යැයි ජාතික වෘත්තීයි සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ පවසයි.

ජාතික ජන බලවේගය සංවිධානය කළ “විකෘති පාලනයෙන් – ජනතා පාලනයකට” සම්මන්ත්‍රණ මාලාවේ ආරම්භක සම්මන්ත්‍රණය මහරගම තරුණ සේවා මධ්‍යස්ථානයේදි පවත්වමින් ඔහු මේ බව පැවසීය.

පවතින විකෘති දේශපාලනය වෙනුවට සැබෑ ජනතාවාදී පාලනයක් බහිකර ගැනීමට අවශ්‍ය බවත් මේ රටේ වෘතීය සමිති ව්‍යාපාරය සෑම ජනතා අරගලයකදීම ඉදිරියට පැමිණි බවත් පාලකයන්ගේ මර්දනයට එරෙහිව මෙන්ම ජාතික සම්පත් විකිණීමට එරෙහිවත් වැඩකරන පන්තිය නිරන්තරයෙන් අරගල කරන බව එම ආරම්භක දේශනය පවත්වමින් ඔහු පැවසීය.

Facebook
Twitter
LinkedIn