හමුදා ජෙට් යානයකින් ගෝටා රටින් පනියි

හමුදා ජෙට් යානයකින් ගෝටා රටින් පනියි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (13) අලුයම මාලදිවයින බලා නික්ම ගොස් ඇති බව කටුනායක ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කරයි.

ජනාධිපතිවරයා සමග ඔහුගේ බිරිඳද මෙසේ පිටත්ව ගොස් තිබේ.

ඔවුන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටොනෝව් – 32 (ඒ.එන්.- 32) වර්ගයේ ගුවන් යානයකින් අද අලුයම 01.45ට පමණ බලා කටුනායක ගුවන් හමුදා කදවුරෙන් පිටත්ව ගොස් ඇත.

ඔහු අද අලුයම 3.00ට පමණ මාලදිවයිනේ මලේ අගනුවරට පැමිණ තිබේ.

මේ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, පවතින රජයේ ඉල්ලීමට අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ පුර්ණ අනුමැතියට යටත්ව කටුනායක ගුවන් තොටුපළේ ඇති ආගමන විමගමන, රේගු හා අනෙකුත් සියලුම නීතිවලට යටත්ව ජනාධිපතිවරයට සහ ඔහුගේ බිරිඳට මාලදිවයින බලා පිටත්ව යෑමට ගුවන් යානයක් ලබාදුන් බවය.

ඒ අනුව අද අලුයම ආරක්ෂකයින් දෙදෙනෙකු සමග කටුනායක ගුවන් තොටුපොළෙන් ඔවුන් පිටත් වු බවද ගුවන් හමුදාව නිවේදනය කරයි.

Facebook
Twitter
LinkedIn