ජනතා විරෝධය හමුවේ බැසිල්ට රට පනින්න බැරිවෙයි…

ජනතා විරෝධය හමුවේ බැසිල්ට රට පනින්න බැරිවෙයි…

අපි (LankaTruth) ඊයේ (11) රාත්‍රියේ අනාවරණය කළ පරිදිම හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ අද (12) අළුයම ඇමරිකාව බලා පිටත්ව යාම සඳහා කටුනායක ගුවන් තොටුපොලට පැමිණියද ආගමන විගමන නිලධාරීන්ගේ සහ මගී ජනතාවගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ ඔහුට විදේශගතවීමට නොහැකිව ආපසු හැරී යාමට සිදුව තිබේ.

එම අවස්ථාවේ අගමන විගමන නිලධාරීන්, බැසිල් රාජපක්ෂට සාමාන්‍ය පර්යන්තයට යන ලෙස දන්වා සිය රාජකාරිවලින් ඉවත්ව ඇත. ඒ අනුව සාමාන්‍ය පර්යන්තයෙන් පිටව යාමට බැසිල් රාජපක්ෂ උත්සාහ දරමින් සිටියදී එහි සිටි මගීන් විසින් ඔහුට දැඩි විරෝධයක් එල්ල කර තිබේ. ඒ අනුව ජනතා විරෝධය හමුවේ විදේශගත වීමට නොහැකිවූ හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, ගුවන් තොටුපලේ නිලධාරීන් විසින් මොවුන් ආරක්ෂිත ස්ථානයක රඳවා තබා පසුව උදෑසන 2.15 පමණ මොවුන් ගුවන් තොටුපලෙන් පිටව ගොස් ඇත.

Facebook
Twitter
LinkedIn