කටකතා බොරු – ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්

කටකතා බොරු – ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්

ඉන්දීය හමුදාව ශ්‍රී ලංකාවට එවන බවට සමාජ මාධ්‍යවල සංසරණය වන පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් එය අසත්‍යක් බවත් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාල නිවේදනය කරයි.

එම වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන අතර, එම අදහස් ඉන්දීය රජයේ ස්ථාවරයට නොගැළපෙන බවද ට්විට්ර් නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අවධාරණය කරයි.

ඉන්දියාව හමුදා සෙබළුන් ශ්‍රී ලංකාවට එවන බවට ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ සුබ්‍රමුනියම් සාමි උපුටා දක්වමින් වාර්තා කර තිබිණි.

ඉන්දියාව සෞභාග්‍ය සහ ප්‍රගතිය උදෙසා ව්‍යවස්ථානුකූල ප්‍රජාතන්ත්‍රවාදී මාර්ග ඔස්සේ තම අභිලාෂයන් ඉෂ්ඨ කර ගැනීමට උත්සහ දරන ශ්‍රී ලාංකික ජනතාව සමඟ සිටින බවද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයා පැහැදිලිව සඳහන් කළ බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

Facebook
Twitter
LinkedIn