කුමන්ත්‍රණය පිළිබඳ මූලික වාර්තාව නීතිපතිට

දිගටම බලයේ සිටීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු පිරිසක් වෙත එල්ල වී තිබෙන කුමන්ත්‍රණ චෝදනාව පිලිබඳ මූලික පරීක්ෂණ වාර්තාව නීපතිවරයාට ලබා දී තිබේ.

මෙම වාර්තාව සකස් කිරීම සඳහා හිටපු ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් වරයා හැර වෙනත් පුද්ලගයින් 7දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව අනාවරණය වෙයි. “අවශ්‍යතාවය මත” යනුවෙන් හඳුනාගත් පුද්ගලයින්ගෙන් මෙම ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

නීතිපතිවරයාගේ උපදෙස් අනුව තවත් පුද්ගලයින්ගෙන් ප්‍රකාශ ලබාගත යතු නම් එසේ කිරීමට සූදානම් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත්වෙමින් තිබියදී හිටපු නීතිපතිවරයා, හටපු අගවිනිසුරු, පොලිස්පතිවරයා සහ ත්‍රිවිද හමුදා පතිවරු, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුලු පිරිසක් ජනාධිපති මන්ධිරයට ඇතුළු වී කුමන්ත්‍රණය පිළිබඳව සාකච්ඡා කළ බවට චෝදනා එල්ලවී තිබේ. විදේශ ඇමති මංගල සමරවීර මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ ගැන විමර්ෂණයක් පවත්වන ලෙස කළ පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණය පවත්වනු ලැබීය.

Facebook
Twitter
LinkedIn