උමා ඔය අත්හිටුවයි

උමා ඔය ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවන බව අද (12) දහවල් පැවති සාකච්ඡාවකින් අනතුරුව තීරණය කළ බව වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා ප්‍රකාශ කරයි.

එම ව්‍යාපෘතියේ උමඟ හෑරීමේ කටයුතු නිසා බණ්ඩාරවෙල ප්‍රදේශයේ උද්ගතව තිබෙන ජල උල්පත් සිඳීයාමේ බිහිසුනු තත්වය පිළිබඳව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට නියමිතව තිබිණ. එහෙත් ඒ සඳහා ජනාධිපතිවරයා සහභාගී නොවූ අතර වාරිමාර්ග නියෝජ්‍ය ඇමතිවරයා සහභාගී කරවීය. ඌව පළාත් මහ ඇමති හරීන් ප්‍රණාන්දු, එම පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න ඇතුළු මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු මෙයට සහභාගී වූහ.

අසාර්ථක උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත් ජනතා එකමුතුව නම් සංවිධානයේ නිලධාරී මණ්ඩලය ඇතුළු නියෝජිතයෝ කිහිපදෙනෙකුද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

Facebook
Twitter
LinkedIn