අත්අඩංගුවට ගන්නේ ඇප දෙන්න බලාගෙන නෙවෙයි

නියමිත විමර්ශනයකින් තොරව සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු විමර්ශනයේ දෝස මත ඇප දෙන්නට සිදුවුව හොත් එම සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පළක් නොවන බැවින් නියමිත ක්‍රමවේද අනූවයි අපි විමර්ශන කර ඔහුව අත්අඩංගුවට ගෙන දඬුවම් කළ යුතු යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසූ අතර එහිදී වැඩිදුරටත් පැවසූවේ “අපිට සැකකරුවෙක් එකපාරටම අත්අඩංගුවට ගෙන උසාවි දාලා සාක්ෂි නැති වුණොත් ඇප දෙන්න නෙවෙයි උවමනාව. නඩුවක් ෆයිල් කරලා නඩුවෙන් වැරදිකරුවෙකු බවට පත් කිරීම මිස උසාවි දාලා එක්දිනකින් සාක්ෂි නොමැති වුණොත් ඇප දෙයි.

ඉතින් ‍ලෝකයේ පිළිගත් ක්‍රමවේද අනූවයි අපි විමර්ශන කරන්නේ. අපිට තිබුණා වෙලේසුදා හෙළි කළ කරුණු අනූව ඕනෑ නම් මේ ගැන නොකියා ඉන්නත්. නමුත් අපි විනිවිධභාවයෙන් කටයුතු කරනවා. ඒ නිසා නීති විරෝධී අත්අඩංගුවට ගැනීමක් කරන්න බැහැ.

සාක්ෂි දෙන්න අය ඉන්නවානම් ඒ සාක්ෂි රහසිගතව දෙන්න පුළුවන්. ඔවුන්ගේ රහස්‍ය භාවය ආරක්ෂා කරනවා.”

Facebook
Twitter
LinkedIn