උමා ඔය උමඟේ හානි බරපතල වේ

උමා ඔය ව්‍යාපෘතියේ උමඟ කැනීම නිසා මේ වනවිට බණ්ඩාරවෙළ ප්‍රදේශයට උග්‍ර තර්පනයක් එල්ල වෙමින් තිබෙන බව වාර්තා වේ. එම කැනීම් කටයුතු නිසා මකුල් ඇල්ල විද්‍යාලයේ සිසුන් ඉවත්කොට තිබේ.

විද්‍යාලයේ ගොඩනැගිලි ඉරිතලා දැඩි අවදානම් තත්වයකට පත්වී කුමන මොහොතක හෝ කඩා වැටීම‍ට ආසන්නව පවතින බැවින් එම දරු දැරියන් මකුල් ඇල්ල ප්‍රජාශාලාවට සහ මකුල් ඇල්ල විහාරස්ථානයේ ධර්මශාලාවට රැගෙන ගොස් අධ්‍යාපනය ලබාදෙමින් සිටී.

මෙම තර්ජනයම තවත් ගම් රැසකට ව්‍යාප්ත වෙමින් පවතින අතර පසුගිය 29වැනිදා බණ්ඩාරවෙල නගරයේදී එම ප්‍රදේශවාසීහු දැවැන්ත උද්ඝෝෂණයක්ද පැවැත්වූහ.

ජවිපෙ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා‍ගේ මැදිහත්වීම මත ඌව පලාත් සභාවේදී ව්‍යාපෘතියට එරෙහි යෝජනාවක් ඒකඡන්දයෙන් සම්මත කිරීමෙන් පසුවත් අදාල වගකිවයුත්තන්ගේ අවධානය ප්‍රමානවත් තරම් යොමු නොවෙමින් තිබේ.

Facebook
Twitter
LinkedIn