පැවති ජනාධිපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ පිල නියෝජනය කළ වයඹ මහ ඇමති දයාසිරි ජයසේකර මහතා එම මැතිවරණය අවසන් වත්ම මෛත්රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමග එක්විය.
“මෛත්රී පාල නයෙක්” යනුවෙන් මහින්ද පිලේ ජනාධිපතිවරණ වේදීකාවේ සිට නිතර නිතර මෛත්රීපාල සිරිසේන මහතාට අපහාස කළ දයා සිරි ජයසේකර මහතා පසුව පැවසූවේ වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්රීවරුන් සමග මෛත්රී පාලනයට සහායෝගය ලබාදෙන බවයි.
තමා මින් ඉදිරියට පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවන බවත් වයඹ මහ ඇමති ලෙස කළ හැකි කායක් දේශපාලනයේ නිරතවන බවත් දයාසිරි ජයසේකර මහතා වයඹ මහ ඇමතිවරයා බවට පත්වූ ආසන්න කලයේ පැවසූ නමුත් ඔහු දැන් පවසන්නේ මහ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වී යලි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන බවය.
මේ සම්බන්ධයෙන් මාධ්යවෙත් පවසා ඇති දයා සිරි ජයසේකර මහතා වැඩිදුරටත් පවසන්නේ “මාව මහ ඇමැති කිරීමට වැඩ කරපු හිටපු පළාත් ඇමැතිවරුන් තමයි මාව එලවන්න කුමන්ත්රණය කරන්නේ. එම තිදෙනාගේ උත්සාහය මා ඉවත් කර එක්සත් ජාතික පක්ෂය සමග එක්ව සන්ධානයේ හිටපු ප්රබලයකු එම පුටුවට පත් කිරීට බව පේනවා. මෙහෙම මානසික වදයකට ගොදුරු වෙන්න මට ඕන නැහැ. මහ ඇමැති කමින් ඉවත් වී මහ මැතිවරණයකට තරග කිරීම හොඳයි කියලා හිතෙනවා.” යනුවෙනි.
කෙසේ නමුත් වයඹ පළාත් සභා ආරංචිමාර්ග සඳහන් කරන්නේ හිටපු මහ ඇමති අතුළ විජේසිංහ මහතාව නැවත එහි මහ ඇමතිවරයා බවට පත් කිරීමට එක්සත් ජනතා නිදහස් න්ධානයේ සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්රීවරු බහුතරයකගේ සහාය හිමිවනු ඇති බවයි.









