හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසියෙකු යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි සමයේම තමන් සමග පැවසූවේ යැයි හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසූවේ ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඇමරිකා එක්සත් ජනපදයේ එවකට තානාපති රොබට් ඕ බ්ලේක් මහතා එක්ව අත්සන් කළ ආරක්ෂක ගිවිසුම නීතිවිරෝධී එකක් බව පසුගියදා ජාතික රූපවාහිනියේ පැවති දේශපාලන සංවාදයකට සහභාගී වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා මතුකළ කරුණට අදාළව පිළිතුරු ලබාදෙමිණි.
එහිදී වාසුදේව නානායක්කාර මහතාද පැවසූවේ එම ගිවිසුම සම්පූර්ණයෙන්ම හොර ගිවිසුමක් බැවින් එය සිදුකළ ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.
Views: 0









