හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහතා විසින් මෙහෙයවූ කණ්ඩායමක් 2011 වසරේදී අඹේපුස්ස ජලව්යාපෘතියකට කඩා වැදී එල්ල කළ ප්‍රහාරයක් සම්බන්ධයෙන් අධිකරණයේදී අද (11) වරද පිළිගෙන අගතියට පත් පාර්ශවයට රුපියල් ලක්ෂ 08ක වන්දියක් ගෙවීමට එකඟවී ඇත.
මේ පිළිබඳව වරකාපොළ මහ අධිකරණයේදී නඩුව විභාග කෙරින. හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයාට එරෙහිව මෙවැනි චෝදනා කිහිපයක්ම තිබුණු අතර මහින්ද රාජපක්ෂ පාලන සමය තුළ ඒ සියල්ල යට ගසා තිබිණ. මොහුගේ පුත්‍රයෙකු විදේශ රැකියා ලබාදෙන බව සඳහන් කරමින් විශාල මුදල් වංචාවක් සිදු කර ඇති බවටද චෝදනා එල්ලවී තිබේ.
ලබන අප්‍රේල් 29වන දින නැවත අධිකරණය හමුවේ පෙනී සිට අගතියට පත් පාර්ශවයට අදාළ වන්දි මුදල ලබාදෙන ලෙස නියෝග කෙරිණ.
Views: 0









